කුඩා නගර සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරිම හා ක්‍රියාත්මක කිරීම
1978 නාගරික සංවර්ධන අධිකාරිය නීතිය යටතේ “නාගරික ප්‍රදේශ” ලෙස ප්‍රකාශයට පත් කර නොමැති ප්‍රාදේශීය ප්‍රදේශ සඳහා අදාළ පළාත් පාලන ආයතන විසින් කරනු ලබන ඉල්ලීම් මත සංවර්ධන සැලසුම් සකස් කිරීමේ කාර්ය සහ කර්තව්‍ය 2000 අංක 49 දරන නගර හා ග්‍රාම නිර්මාණ (සංශෝධන) පනතේ 5අ (ඈ) වගන්තිය යටතේ විධිවිධාන ප්‍රකාරව, දෙපාර්තමේන්තුව වෙත පවරනු ලැබ තිබේ.
ජාතික වැදගත්කමකින් යුතු ස්ථාන සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම
ජාතික භෞතික සැලසුම්කරණයේදී දෙපාර්තමේන්තුවේ ප්‍රමාණවත් අවධානය යොමුව ඇති එක් වැදගක් අංගයක් වනුයේ ජාතික වැදගත්කමකින් යුත් ස්ථාන සහ උපාය මාර්ගිකව වැදගත් ස්ථාන සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීමයි. එවැනි ස්ථාන සම්බන්ධයෙන් කටයුතු කිරීමට වගකිව යුතු හෝ හැකියාව සහිත ආයතන නොමැති බැවින්, ඒවායේ තත්වය ඉතා අයහපත් වන අතර නිසි මග පෙන්වීමක් සහිතව ඒවා සංවර්ධනය කිරීම සඳහා බලධාරීන්ගේ නිසි අවධානය යොමු විය යුතු වේ. එබඳු ස්ථාන වැඩි දියුණු කිරීම පිණිස ‘සංවර්ධන යෝජනා ක්‍රම’ ඇතුළත් සැලසුම් සකස් කිරීම සඳහා සහ එම සැලසුම් ක්‍රියාත්මක කිරිමට අදාළ පළාත් පාලන ආයතනවලට සහ අනෙකුත් ආයතනවලට සහාය වීම පිණිස අදාළ පනතේ 5අ (ඇ) වගන්තිය යටතේ දෙපාර්තමේන්තුව වෙත බලය පවරා තිබේ.