project01මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වනුයේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් අනුරාධපුර අළුත්නුවර ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක කැණීම් සිදුකිරීම සහ ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙනත් ස්ථානයක පදිංචි කරවා එම භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම්කිරිමයි.

පූජා භූමියෙන් ඉවත් කිරීමට නියමිත නිවැසියන් සඳහා සියලු පහසුකම් සහිත සැලසුම්කළ නගරයක නාගරික පරිසරයක් නිර්මාණය කිරීමට ද ඔවුනට මල්වතු ඔය පහත් බිම් ප්‍රදේශයේ නිවාස ලබාදීමට ද අපේක්ෂා කෙරේ.

පුනස්ථාපනය කිරීමට අවශ්‍යයැයි හඳුනාගත් පදිංචිකරුවන් අනුරාධපුර ලෝලුගස්වැව ප්‍රදෙශයේ අක්කර 200ක භූමි භාගයක නිර්මාණය කිරීමට නියමිත නව නගරයක නැවැත පදිංචි කරවනු ඇත.