WhatsApp Image 2022 09 14 at 124345 PM 1

 

 

 

 

 

 

 

 

 

 

 

  •  2023 වසර සඳහාවන අයවැය යෝජනා පිළිබඳ විශේෂ සාකච්ඡාව..
  •  නවීන ලෝකයට ගැළපෙන පරිදි අයවැය යෝජනා සකසන්න...

                                                                                       

                                                                                 ඇමති ප්‍රසන්නගෙන් ආයතන ප්‍රධානීන්ට උපදෙස්

2023 වසර සඳහාවන අයවැය යෝජනාවල ප්‍රගතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (13) පැවැත්විණි.

එම අමාත්‍යංශය යටතේ ඇති ආයතන 21 හිම ප්‍රධානීන් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර සිටියේ නවීන ලෝකයට ගැළපෙන පරිදි සකස් කළ අයවැය යෝජනා තම අමාත්‍යංශය මෙවර ඉදිරිපත් කළ යුතු බවය.

නව තාක්ෂණය සමඟ එක්ව කටයුතු නොකළහොත් රාජ්‍ය ආයතනවලින් නිසි ඵල ප්‍රයෝජන ගත නොහැකිවනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරුන් වන තේනුක විදානගමගේ, අරුන්දික ප්‍රනාන්දු මහත්වරුන්ද අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් රත්නායක ඇතුළු ආයතන ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

WhatsApp Image 2022 09 14 at 124345 PM