03 01 2022

 ඉදිරි වසර 25 සදහා ක්‍රියාත්මක කිරීමට යෝජිත ජාතික භෞතික සැලැස්මට නිර්දේශ ලබාගැනීම සඳහා අන්තර් අමාත්‍යංශ සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කෙරේ....

 ලබන මාසයේදී ජාතික භෞතික නිර්මාණ සභාවට ඉදිරිපත් කිරීමට ඉදිරිපත් කිරීමට සූදානම් ...

 

03 01 2022

 

 

 

 

 

 

 

 

 

 

 ඉදිරි වසර 25 සදහා ක්‍රියාත්මක කිරීමට යෝජිත ජාතික භෞතික සැලැස්මට නිර්දේශ ලබාගැනීම සඳහා අන්තර් අමාත්‍යංශ සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කිරිම ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන පුහුණු ආයතනයේදී පසුගිය (18) වැනිදා සිදුවිය.

අමාත්‍යංශ 18 ක ලේකම්වරුන්, පළාත් ලේකම්වරුන් 9ක් හා රාජ්‍ය දෙපාර්තමේන්තු හතරක අධ්‍යක්ෂ ජනරාල්වරුන් සිව් දෙනෙකුගෙන් මෙම අන්තර් අමාත්‍යංශ සම්බන්ධීකරණ කමිටුව සමන්විතවේ.

මෙම අන්තර් අමාත්‍යංශ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිධූරය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයා   විසින් දරනු ලබයි.

ජාතික භෞතික සැලැස්මට  අන්තර් අමාත්‍යංශ සම්බන්ධීකරණ කමිටු නිර්දේශ ලබාගැනීමෙන් පසුව එය ලබන මාසයේදී ජාතික භෞතික නිර්මාණ සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එහි සභාපතීත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  දරනු ලබන අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එහි උප සභාපතීත්වය දරනු ලබයි.

සඳහා ජාතික භෞතික සැලැස්මක් සකස් කිරීමේ බලය පැවරුණු ආයතනය වන්නේ ජාතික භෞතික දෙපාර්තමේන්තුවටය.

ඒ අනුව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මඟින් 2000 අංක 49 දරණ පනත මඟින් සංශෝධිත 1946 අංක 13 දරණ නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනතේ විධි විධාන අනුව සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන හා ඒවායේ නව සැලසුම් හා ප්‍රතිපත්ති, විශ්ව විද්‍යාල ආචාර්යවරු හා වෙනත් විශේෂඥ දැනුම උපයෝගී කරගනිමින් මෙම මෙම දළ ජාතික භෞතික සැලැස්ම සකස්කර ඇත.

ටේ සංවර්ධනයට දායක වන සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරගනිමින් මෙම දළ ජාතික භෞතික සැලැස්ම සකස් කර ඇත.

අපරට

සියලුම ආයතන සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී පුළුල් මඟපෙන්වීමක් ලබාදීම, ස්වාභාවික පරිසරය ආරක්ෂා කර ගැනීම, අවිධිමත් සංවර්ධනය පාලනය කරමින් සැලසුම් සහගත සංවර්ධනයක් ඇතිකිරීම, සංවර්ධන සැලසුම් පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමේදී ප්‍රතිපත්තිමය රාමුවක් සකස්කිරීම, වඩාත් යෝග්‍ය ස්ථානයන්හි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ආයෝජන යොමුකිරීම, දේශීය සහ විදේශීය ආයෝජනයන් සඳහා ආකර්ශණීය භෞතික පරිසරයක් සැකසීම ජාතික භෞතික සැලැස්ම සක්ස් කිරීමේ මූලීක අරමුණු වේ.

මෙය අනුමතවීමත් සමඟ ඉදිරි වසර 25ක කාලය තුළ අප රටේ සියලුම සංවර්ධන සැලසුම් සකස් කිරීම මෙම ජාතික භෞතික සැලැස්මට අනුව සිදුවනු ඇත.

 

03 01 2022

 එහිදී අදහස් දක්වමින් පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ අවිධිමත් සංවර්ධන කටයුතු පාලනය කරමින් සැලසුම් සහගත සංවර්ධනයක් තුලින් රටක තිරසාර සංවර්ධනය ඇති කිරීම සඳහා ජාතික භෞතික සැලසුමකට අනුව කටයුතු කිරීම අත්‍යාශ්‍ය බවයි.

සංවර්ධිත රටවල් ජාතික භෞතික සැලැස්මකට අනුව කටයුතු කිරීම නිසා සංවර්ධනයේ ප්‍රතිලාභ භුක්ති විඳින බවද ඔහු කීය.

ස්වාභාවික පරිසරය අභිබවා යන විවිධ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් දිනෙන් දින වැඩිවන විවිධ ස්වාභාවික විපත්වලට මුහුණ දීමටත් ජීවිත හා දේපළ හානි සිදුවීම වළක්වා ගැනීමටත් ජාතික භෞතික සැලැස්මකට අනුව ක්‍රියාකිරීම ඉතා වැදගත් බවද ඔහු පැවසීය.

එමෙන්ම කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජේ.එම්.ටී ජයසුන්දර මහත්මිය සඳහන් කළේ ඉඩම් නිවරදිව කළමණාකරනය කිරීම තුලින් අලි - මිනිස් ගැටුමට විසඳුම් සෙවිය හැකි බවයි.

ඉඩම් කළමණාකරණය සඳහා ඉඩම් අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් ඉඩම් බැංකුවක් සැකසිය යුතු බවද ඇය සදහන් කළේය.

 

03 01 2022

ප්‍රවාහාන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්ලියු.ආර් පේමසිරි මහතා සඳහන් කළේ දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන්ද අවධානය යොමුකරමින් ජාතික භෞතික සැලැස්ම සකස් කළ යුතු බවයි. යම් හෙයකින් දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති වෙනස් කිරීමට සිදුවුවහොත් ඒ සඳහා වියදම් කළ මුදල අපතේ යනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

එමෙන්ම ජාතික භෞතික සැලැස්මකට අනුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළහොත් වසර 2050 වනවිට දකුණු කොරියාව මෙන් සියයට 60 වන ඝණතවයකින් යුතු රටක් බිහිකර ගත හැකි වනු ඇතැයිද ලේකම්වරයා පැවසීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආචාර්ය එම්.එම්.එස්.එස්.බී යාලෙගම, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් ආර්.ඩබ්ලියු.ආර් පේමසිරි, පරිසර අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ජේ.එම්.ටී ජයසුන්දර, වැවිලි අමාත්‍යංශ ලේකම් බී.එල්.ඒ.ජේ ධර්මකීර්ති, සබරගමු පළාත් සභාවේ ලේකම් සුනිල් ජයලත්, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එච් ගාමිණී හේවගේ, ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිනී රේණුකා එම්. වීරකෝන් මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.