11 

  ගරු. ප්‍රසන්න රණතුංග මහතා
 නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය  

 

13

   ගරු. තේනුක විදානගමගේ මහතා
  නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය

11  ගරු. අරුන්දික ප්‍රනාන්දු මහතා
 නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය

 

13  

ඩබ්. එස්. සත්‍යානන්ද මහතා
 ලේකම්
 නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යාංශය

 

 

 

 

 

   
   

රාජ්‍ය අමාත්‍යාංශ

history01
ශ්‍රී ලංකාව තුළ හඳුනාගත් කවර හෝ ප්‍රදේශයක් සඳහා සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරිම පිණිස පළමු නෛතික ආවරණයක් ඉදිරිපත් කළ අවස්ථාව වනුයේ 1942 වසරේදී සංස්ථාපනය කරනු ලැබූ අනුරාධපුර සංරක්ෂණ ආඥාපනතයි. ලෝකයේ ඓතිහාසික වැදගත්කමකින් යුතු භූමියක් ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් කළ ලොව පළමු පනත එය විය හැකිය. 1946 අංක 13 දරන නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත මගින් ස්ථාපති නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුවේ පළමු රජයේ නගර නිර්මාණක ලෙස පත්කරනු ලැබූයේ සංරක්ෂණ සැලැස්ම සකස් කිරීමේ කාර්යය පවරනු ලැබූ වාස්තු විද්‍යාඥ/නිර්මාණක ඔලිවර වීරසිංහ මහතාය.

history01දෙපාර්තමේන්තුවේ පළමු කාර්යය වූයේ අනුරාධපුර සංරක්ෂණ සැලැස්ම සකසා අවසන් කිරීමයි. එම සැලැස්ම පුජා භූමිය සහ නව නගරය ලෙස කොටස් දෙකකින් සමන්විත විය.

මුල් යුගයේ සකස් කළ අනෙකුත් සැලසුම් වූයේ

  • කොළඹ නගර ප්‍රධාන සැලැස්ම
  • පොලොන්නරුව නව නගර සැලැස්ම
  • පේරාදෙණිය විශ්වවිද්‍යාල ප්‍රදේශය ආවරණය කරමින් මහනුවර කලාපීය සැලැස්ම.

history03

අනුරාධපුර පූජා භූමි සැලැස්ම සඳහා 1986 වසරේදී රු. මිලියන 170ක් රජය වෙන්කළ බව මෙහි ලා සඳහන් කිරීම වටී. 2002 වසර දක්වා වූ එම ප්‍රතිපාදනය පූජා භූමියේ ජීවත්වූ පවුල් 1500 ක් පමණ දේවානම්පියතිස්සපුර නම් ජනාවාසයේ නැවැත පදිංචි කිරීම සඳහා යොදා ගන්නා ලදී. ඒ අනුව, කුරුණෑගල හංදිය ලෙසින් හැඳින්වූ ප්‍රදේශය පූජා භූමි කටයුතු සඳහා මුළුමණින්ම නිදහස් කරන ලදී. ඊට අමතරව මහියංගනය, දඹුල්ල, කතරගම, සේරුවිල, දෙවිනුවර, කැළණිය, මුතියංගනය, තොළුවිල, මුන්නේෂ්වරම් සහ අනෙකුත් පූජා භූමි වෙනුවෙන් සැලසුම් පිළියෙළ කර ක්‍රියාත්මක කරන ලදී.

එසේම ඕනෑම ප්‍රදේශයක් පුජා භූමියක් ලෙස සංවර්ධනය ලෙස ප්‍රකාශයට පත්කිරීමට හෝ නම්කිරීම සඳහා සහායයීමට ආඥාපනත මගින් දෙපාර්තමේන්තුවට බලය පවරා ඇත.

ඒ අනුව පූජා භූමි අවට පිහිටි නගරවල පමණක් නොව මාළිගාවත්ත වැනි නිවාස යෝජනා ක්‍රමවල සහ කුඩා නගර සදහා අවශ්‍ය ප්‍රජා ගොඩනැගිලි ඉදිකිරීම සඳහා දිවයින පුරාම නගර නිර්මාණ සිදුකරන ලදී.

history05 history06

history04

1972 වසරේදී, කොළඹ නගරය සහ තදාසන්න පෙදෙස් සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය ඇතිව සැලැස්මක් සකස් කරන ලෙස රජය දෙපාර්තමේන්තුවට දැන්විය. එම දැනුම්දීම පරිදි දෙපාර්තමේන්තුව තුළ කොළඹ ප්‍රධාන සැලැස්ම නම් විශේෂ අංශයක් දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කරනු ලැබීය. දෙපාර්තමේන්තුව සකස් කළ ඉහත සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස 1978 දී නාගරික සංවර්ධන අධිකාරිය පිහිටුවනු ලැබීය. කොළඹ නගරයට අමතරව, සියලු මහ නගර සභා සහ නගර සභා නාගරික සංවර්ධන ප්‍රදේශ ලෙස නාගරිස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කළ අතර ඒවාට බාහිර ඇතැම් ප්‍රදේශ ද නාගරික සංවර්ධන ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.

එපරිද්දෙන් 1980 සිට 2000 දක්වා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පහත දැක්වෙන කරුණුවලට සීමා විය.

  • නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් නොකළ කුඩා නගර සඳහා නගර සැලසුම් හා ගොඩනැගිලි සැලසුම් සකස් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් සැපයීම.
  • ගම් උදාව ප්‍රදර්ශන භූමි නිර්මාණය, ඉදිකිරීම සහ අධීක්ෂණය
  • පූජා නගර සැලසුම් සකස් කිරීම සහ රජය විසින් සපයනු ලබන මූල්‍යාධාර මගින් එම සැලසුම් ක්‍රියාත්මක කිරීම.

නිවාස හා නාගරික සංවර්ධනය සම්බන්ධයෙන් පත්කරනු ලැබූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිර්දේශ පරිදි, ජාතික භෞතික සැලැස්මක් සම්පාදනය කිරීමේ වැදගත්කම රජය අවබෝධ කරගත් බැවින් ජාතික භෞතික සැලැස්මක් සම්පාදනය කිරීමට රජයට හැකිවන පරිදි 2000 වසරේදී නගර හා ග්‍රාම නිර්මාණ ආඥාපනත සංශෝධනය කරන ලදී.

1946 ආඥා පනතේ සමස්ත දිවයින සඳහා ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම නියම කරනු ලැබූ වගන්තියක් අන්තර්ගතවූ නමුත්, 2000 වසරේ පනතේ විධිවිධාන පනවනු ලැබූයේ ජාතික භෞතික සැලසුම් සම්පාදනය කිරීමේ නෛතික ක්‍රියාදාමය සඳහාය. කෙසේවෙතත්, ආඥාපනතේ අනෙකුත් බොහෝ කර්තව්‍යයන් එලෙසින්ම පැවැතුණි. 2000 වසරේ සිට දෙපාර්තමේන්තුව සිදුකර ඇති විශාලතම කාර්යය වනුයේ ජාතික භෞතික සැලැස්ම සකස් කිරීම (2007) සහ එය ප්‍රතිශෝධනය කිරීමයි (2019). ඊට අමතරව, කලාපීය භෞතික සැලසුම් කිහිපයක්ද ප්‍රාදේශීය භෞතික සැලසුම් ගණනාවක්ද සකස් කරන ලදී.

 

අධ්‍යක්ෂ ජනරාල්

dg

ගාමිණී හේවගේ මහතා
අධ්‍යක්ෂ ජනරාල්

   

අතිරේක අධ්‍යක්ෂ ජනරාල්

none
අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්)
adg
ඉංජිනේරු සී. කුලරත්න මහතා
අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (ක්‍රියාත්මක කිරීම) (වැඩ බලන)

අධ්‍යක්ෂවරු

   අධ්‍යක්ෂ (පාලන) dir fin
ඒ.එල්.ඩී. කුමාරි මිය

අධ්‍යක්ෂ (මූල්‍ය)
adg ඉංජිනේරු සි. කුලරත්න මහතා
අධ්‍යක්ෂ (ඉංජිනේරු)
dir arch වාස්තු විද්‍යාඥ තිලක් රත්නායක මහතා
අධ්‍යක්ෂ (වාස්තු විද්‍යා)
cia සුජානි යසරත්න මෙනෙවිය
ප්‍රධාන අභ්‍යන්තර විගණක
none අධ්‍යක්ෂ (පර්යේෂණ)
none අධ්‍යක්ෂ (කලාපීය සැලසුම්) none අධ්‍යක්ෂ (ප්‍රාදේශීය සැලසුම්)
none අධ්‍යක්ෂ (සම්බන්ධීකරණ හා නියාමන)    

නියෝජ්‍ය/ සහාය අධ්‍යක්ෂවරු

කේ. බී. ඒ්. ඩී. ඒස්. ද රම්‍යා මිය.

නියෝජ්‍ය අධ්‍යක්ෂ (මූල්‍ය)


වාස්තු විද්‍යාඥ ගිහාන් චන්ද්‍රතිලක මහතා
සහාය අධ්‍යක්ෂ (වාස්තු විද්‍යා)
ඩබ්ලියු. එන්. ශිරෝමි පෙරේරා මිය
නීති නිලධාරී
assi dir eng වාස්තු විද්‍යාඥ ප්‍රියානි අතුරලිය මිය
සහාය අධ්‍යක්ෂ (වාස්තු විද්‍යා)
lahiru ඉංජිනේරු දිමාලි රත්නායක මිය
සහාය අධ්‍යක්ෂ (ඉංජිනේරු)
lahiru ඉංජිනේරු එම්.එම්.එල්. ප්‍රේමචන්ද්‍ර මහතා
සහාය අධ්‍යක්ෂ (ඉංජිනේරු)
ad apsara එම්.ජී.ඒ. රණසිංහ මිය
සහාය අධ්‍යක්ෂ (C.U)/ ප්‍රධාන පරීක්ෂක (ශ්‍රීලතාසේ අධි)
ad sumith නිර්මාණක (ආචාර්ය ඩී.එස්.එන්. සමරතුංග මහතා
සහාය අධ්‍යක්ෂ (C.U)

සැලසුම් කණ්ඩායම

plnr nilika
නිර්මාණක ඒ.පී.එන්. නාලිකා බුළුවත්ත මිය

නිර්මාණක ඒ.යූ.ජයවර්ධන මිය
නිර්මාණක අජන්තා දිසානායක මිය නිර්මාණක බී.සී.කේ. වික්‍රමසිංහ
plnr chathurangani නිර්මාණක චතුරංගනී අමරසේකර මිය ad sumith නිර්මාණක (ආචාර්ය) ඩී.එස්.එන්.සමරතුංග මහතා
neel නිර්මාණක ජී.එම්.එන්.එස්. ගජනායක මහතා chamila නිර්මාණක එච්.එල්. චමිලා මිය
janitha නිර්මාණක ජේ.ආර්.ඩබ්. පොන්නම්පෙරුම මිය plnr jayanayake නිර්මාණක කේ.ඒ.අයි.ටී. ජයනායක මිය
plnr shanika නිර්මාණක එල්.එච්. ශානිකා දිල්හානි මිය plnr upesha නිර්මාණක උපේඛා ඩී. කෝට්ටගේ මිය
plnr lasantha නිර්මාණක ඩබ්.එල්.ආර්. අමරතුංග මහතා plnr gayani නිර්මාණක එම්.ඩී.ජී.එම්. සිරිවර්ධන මිය
මාධවි පණ්ඩිතරත්න මෙනෙවිය plnr nawodya නිර්මාණක එන්.එම්.එන්.ජී. නවරත්න මිය
plnr nilani නිර්මාණක නිලානි එදිරිසිංහ මිය plnr nuwanthi නිර්මාණක නුවන්තිකා රණවිර මිය
නිර්මාණක පී.එම්.කේ.ආර්.අබේරත්න මිය නිර්මාණක ආර්.එම්.අනූෂා කුසුම් මිය
නිර්මාණක ආර්.එම්.එන්.එම්.රාජපක්ෂ මිය plnr thushani නිර්මාණක විතාරණ තුෂාරි මිය
plnr sonali නිර්මාණක යූ.එල්.ඩී. සොනාලි ඩිලංකා මිය    
       

අනෙකුත් කාර්ය මණ්ඩලය


එල්.කේ. නිරෝෂිණී මිය
පරිපාලන නිලධාරී (වැඩ බලන)
ito
ඩී. වි. හේෂාණි දිසානායක මිය
තොරතුරු තාක්ෂණ නිලධාරී
ajantha ජී.එච්.ඊ.එම්.ඒ. මොලගොඩ මිය
පරිපාලක (ශ්‍රී ලංකා තාක්ෂණික සේවය)
එන්. ඇල්ගිරියවිතාන මිය
සැලසුම් ශිල්පී (ශ්‍රීලතාසේ- පංතිය 1)
ඒ.ජි. රේණුකා කුමාරි මිය
(ශ්‍රීලතාසේ- පංතිය 1)
කේ.ඩී.එච්. ධම්මිකා නයනා ද සිල්වා මිය
(ශ්‍රීලතාසේ- පංතිය 1)
බෝජානී කඹුරාවල මිය
සැලසුම් ශිල්පී (ශ්‍රීලතාසේ- පංතිය 1)
dilan කේ.එල්.ඩී.ආර්.අයි. දිල්හාන් මහතා
සැලසුම් ශිල්පී (ශ්‍රීලතාසේ- පංතිය 1)
එස්.එච්. පැතුම්සා ලක්මාලි මිය
සැලසුම් ශිල්පී
alwis ඒ.ආර්.කේ. අල්විස් මෙය
සැලසුම් ශිල්පී
b dummy ආර්.ඒ.ඩී.සී. ද අල්විස් මහතා
පරීක්ෂක (ශ්‍රීලතාසේ)
   

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, 1946 අංක 13 දරන නගර හා ග්‍රාම නිර්මාණ ආඥාපනතේ විධිවිධාන යටතේ පිහිටුවන ලද නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුවේ අනුප්‍රාප්තිකයා විය. ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය සහ ජාතික භෞතික සැලැස්ම සම්පාදනය කිරීම පිණිස මුල් ප්‍රඥප්තියේ විධිවිධානවල විෂයපථය පුළුල් කරමින් 2000 අංක 49 දරන පනත මගින් ආඥාපනත සංශෝධනය කරන ලදී. දෙපාර්තමේන්තුවේ නාමය වෙනස් වූයේ ඒ අනුවය. 2000 වසරේ සිට දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ක්‍රියාකාරකම් කේන්ද්‍රගත වූයේ ජාතික භෞතික සැලැස්ම මත පදනම්ව ජාතික මට්ටමේ සැලසුම් සහ කලාපීය හා ප්‍රාදේශීය මට්ටමේ සැලසුම්කරණය කෙරෙහිය. පෙර පැවති නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුවේ සෙසු ක්‍රියාකාරකම්, විශේෂයෙන්ම පූජා භූමි සැලසුම් කිරීමේ හා සංවර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් ද දෙපාර්තමේන්තුව  විසින් ඉදිරියට පවත්වා ගෙන යන ලදී.

නාගරික සංවර්ධන අධිකාරිය නීතිය (2000 වසරේ සංශෝධනය) සමග පනතේ විශ්ලේෂණ කිරිමකින් පෙන්නුම් කරනුයේ ජාතික, කලාපීය සහ ප්‍රාදේශීය මට්ටමවලදී සමස්ත රට වෙනුවෙන්ම සැලසුම්කිරීම සඳහා දෙපාර්තමේන්තුව වගවිය යුතු බවත් ජාතික මට්ටමේ “භෞතික සැලසුම්කරණය” සඳහා සෘජුවම වගකිවයුතු බවත්ය. කලාපීය මට්ටමේදී (කලාපීය සැලසුම් කමිටු හරහා) සහ ප්‍රාදේශීය මට්ටමේදී (පළාත් පාලන ආයතනවල සභාපතිවරු සහ නාගරික සංවර්ධන අධිකාරිය හරහා) සැලසුම් කටයුතු මෙහෙයවීමට ද එය වගකිව යුතු වේ.

දැක්ම

සුසැදි සුරැකි සොඳුරු බිමක නියමු

මෙහෙවර

ජාතික භෞතික ප්‍ර‍තිපත්ති, සැලසුම් සහ උපාය මාර්ග සකස් කිරීම සහ ශ්‍රී ලංකාවේ සහ මුහුදු සීමාවට අයත් ප්‍රදේශයන්හි ආර්ථික, සමාජයීය, භෞතික සහ පාරිසරික අංශයන්හි ඒකාබද්ධ සැලැස්මක් ක්‍ර‍මවත්ව ඇති කිරීමේ සහ ප්‍ර‍වර්ධනය කිරීමේ අරමුණු ඇතිව, පළාත් බද හා ප්‍රාදේශීය සැලසුම් මගින් එම ජාතික ප්‍ර‍තිපත්ති හා සැලසුම් ක්‍රියාවට නැංවීම තහවුරු කිරීම සහ පාලනය කිරීම

කර්තව්‍ය

  • ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම
  • ජාතික භෞතික සැලැස්මක් සකස් කිරීම
  • කලාපීය සහ ප්‍රාදේශීය භෞතික සැලසුම්කරණ බලධාරීන් විසින් යොදාගත යුතු භෞතික සැලසුම් මාර්ගෝපදේශ සකස් කිරීම
  • කලාපීය සහ ප්‍රාදේශීය භෞතික සැලසුම්කරණ බලධාරීන් අපොහොසත් වන විටදී හෝ ඉල්ලීම් මත කලාපීය සහ ප්‍රාදේශීය භෞතික සැලසුම් සකස් කිරීම
  • කලාපීය භෞතික සැලසුම් සකස් කිරීමේදී පළාත්සභාවලට සහාය වීම.
  • භෞතික සැලසුම් සම්බන්ධයෙන් අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණ කමිටුවට නිර්දේශ ලබාදීම.
  • ජාතික භෞතික නිර්මාණ ප්‍රතිපත්තිය, සැලැස්ම සහ මෙහෙයුම් උපායමාර්ග කලින් කලට සමාලෝචනය කිරීම හා පරීක්ෂා කිරීම.
  • ජාතික භෞතික සැලැස්ම ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම
  • සියලු ක්‍රියාකාරකම්වලදී සභාවට සහ අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණ කමිටුවට සහාය වීම.

පනතේ විධිවිධාන ප්‍රකාරව දෙපාර්තමේන්තුව නිරතවීමට බැඳී සිටින ප්‍රධාන ක්‍රියාකාරකම් හය පහත දැක්වෙන අතර ඒවා කාලීනව නිරත විය යුතු කාර්යයන් බවට පත්ව තිබේ.

  • ජාතික භෞතික නිර්මාණ ප්‍රතිපත්තිය සහ සැලැස්ම සඳහා සංශෝධන
  • කලාපීය/ පළාත් භෞතික සැලසුම් සංශෝධනය සහ සම්පාදනය
  • කුඩා නගර සඳහා සැලසුම් යාවත්කාලීන කිරිම, සම්පාදනය සහ ක්‍රියාත්මක කිරිම
  • ජාතික වැදගත්කමකින් යුතු ප්‍රදේශ සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම
  • පූජා භූමි සඳහා සංවර්ධන සැලසුම් යාවත්කාලීන කිරිම සහ ක්‍රියාත්මක කිරීම
  • ආගමික ස්ථාන සහ ආයතන භෞතික සංවර්ධනය සඳහා තාක්ෂණික සහාය