අදාළ පනතේ මේ සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රතිපාදන නොමැති වුවද, 1949 වසරේ සිටම පූජා භූමි සඳහා සැලසුම් සකස් කිරීම, ක්‍රියාත්මක කිරිම සහ නඩත්තු කිරීමේ වගකීම සම්ප්‍රදායිකව දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබේ. අද වන විටද පූජා භූමි සම්බන්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්යන් අතර ප්‍රධාන තැනක් ගනී.

ඉල්ලුම්කරු විසින් පහත සදහන් විස්තර ඇතුළත් කර නිවැරදිව සම්පූර්ණ කරන ලද මුදල් තැන්පතු පත්‍රිකාව මගින් මුදල් ගෙවා (චෙක්පත් භාරගනු නොලැබේ.) බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයට ෆැක්ස් කිරීමෙන් පසු වෙන් කිරීම සිදු කරනු ලැබේ.

  • බැංකුව - ලංකා බැංකුව
  • ශාඛාව - බත්තරමුල්ල
  • ගිණුම් අංකය - 7042731
  • ගිණුම් හිමියාගේ නම සහ ලිපිනය - අධ්‍යක්ෂ ජනරාල්, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව
  • තැන්පත්කරුගේ නම සහ ලිපිනය මුදල් තැන්පතු පත්‍රිකාවේ පැහැදිලිව සටහන් කරන්න.
  • තැන්පත්කරුගේ ජා.හැ.අ.

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තු ෆැක්ස් අංකය - 011-2872061

ඉල්ලුම්කරුගේ හැඳුනුම්පත් අංකය අනිවාර්යයෙන්ම මුදල් තැන්පතු පත්‍රිකාවේ සදහන් කල යුතුය.

ඉල්ලුම්කරු නේවාසික පහසුකම් ලැබීමට ප්‍රථම සංචාරක බංගලාව/පුලතිසි නිකේතනය වෙන් කිරීමේ ඉල්ලුම් පත්‍රය සහ මුදල් තැන්පතු පත්‍රිකාවේ මුල් පිටපත අනිවාර්යයෙන්ම අදාළ ස්ථානයේ බංගලා භාරකරු වෙත භාරදිය යුතුය. තවද මුදල් තැන්පතු පත්‍රිකාවේ සදහන් නම සහ ඉල්ලුම් පත්‍රෙය් ඉල්ලුම්කරු ගේ නම එක් පුද්ගලයෙකුගේ විය යුතුය.