ජාතික භෞතික සැලැස්ම පුළුල් අවකාශීය රාමුවක් සැපයීමට නියමිත බැවින්, ජාතික භෞතික සැලැස්ම ක්‍රියාත්මක කිරිම පිණිස තාක්ෂණික සහ පරිපාටිමය යන දෙයාකාරයේම සැකසුම් අවශ්‍ය වේ. තාක්ෂණික සැකසුම වන්නේ ජාතික භෞතික සැලසුම් පළාත් හෝ විශේෂයෙන් නම් කරනු ලැබූ කලාප සඳහා කලාපීය භෞතික සැලසුම් බවට පරිවර්තනය කිරිමයි.
පරිපාටිමය සැකසුම් ක්‍රියාත්මක කිරිම ක්‍රියාත්මක කිරීමේ අංශය මගින් සිදුකරනු ලැබේ. ඒ අනුව ක්‍රියාත්මක කිරීමේ අංශයට පහත දැක්වෙන කාර්යයන් පවරා තිබේ.
ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය සහ සැලැස්ම තුළින් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ඉලක්ක සපුරා ගැනීම අපේක්ෂා කෙරේ. දිගු කාලීන ඉලක්ක ලෙස හඳුනාගෙන ඇත්තේ මධ්‍යම ජල බෙත්ම ප්‍රදේශය තිරසරව පවත්වා ගැනීම, කාලගුණ විපර්යාසවල බලපෑමට ප්‍රතිචාර දැක්වීම, ස්වභාවික උපද්‍රව අවම කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම, තිරසර නාගරීකරණ ක්‍රියාදාමයකට පහසුකම් සැපයීම ආදිය වේ. ඉහත දිගු කාලීන ඉලක්ක සපුරා ගැනීම පිණිස ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය පර්යේෂණ හා පුළුල් අධ්‍යයන සිදු කරයි.
ඊට අමතරව, භෞතික සැලසුම්කරණය හා සම්බන්ධ විවිධ සංවිධානවල ප්‍රතිපත්ති සම්පාදකයන් සඳහා ප්‍රයෝජනවත් විය හැකි ජාතික සැලසුම් තොරතුරු පද්ධතියක් දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය යටතේ පවත්වා ගැනීම අපේක්ෂා කෙරේ.
ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සහ සංවර්ධන වැඩසටහන් පළාත් හා ප්‍රාදේශීය මට්ටමේ ක්‍රියාකාරී ව්‍යාපෘති බවට පරිවර්තනය කිරිම සඳහා අවශ්‍ය රාමුව පළාත් සහ ප්‍රාදේශීය මට්ටමේ බලධාරීන්ට සැපයීමට මෙන්ම ප්‍රාදේශීය සංවර්ධන මුලාරම්භයන් ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සහ වැඩසටහන්වලට අනුගත වන පරිදි ප්‍රතිසම්පාදනය සහ නියාමනය සඳහා කලාපීය භෞතික සැලසුම් අවශ්‍ය වේ. 2000 අංක 49 දරන නගර හා ග්‍රාම නිර්මාණ (සංශෝධන) පනතේ 5අ (ඈ) සහ (ඉ) වගන්තියේ විධිවිධාන ප්‍රකාරව, දිවයිනේ පළාත් නවයම සඳහා සැලසුම් සකස් කිරීමට දෙපාර්තමේන්තුවට බලය පවරා තිබේ.
1978 නාගරික සංවර්ධන අධිකාරිය නීතිය යටතේ “නාගරික ප්‍රදේශ” ලෙස ප්‍රකාශයට පත් කර නොමැති ප්‍රාදේශීය ප්‍රදේශ සඳහා අදාළ පළාත් පාලන ආයතන විසින් කරනු ලබන ඉල්ලීම් මත සංවර්ධන සැලසුම් සකස් කිරීමේ කාර්ය සහ කර්තව්‍ය 2000 අංක 49 දරන නගර හා ග්‍රාම නිර්මාණ (සංශෝධන) පනතේ 5අ (ඈ) වගන්තිය යටතේ විධිවිධාන ප්‍රකාරව, දෙපාර්තමේන්තුව වෙත පවරනු ලැබ තිබේ.
ජාතික භෞතික සැලසුම්කරණයේදී දෙපාර්තමේන්තුවේ ප්‍රමාණවත් අවධානය යොමුව ඇති එක් වැදගක් අංගයක් වනුයේ ජාතික වැදගත්කමකින් යුත් ස්ථාන සහ උපාය මාර්ගිකව වැදගත් ස්ථාන සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීමයි. එවැනි ස්ථාන සම්බන්ධයෙන් කටයුතු කිරීමට වගකිව යුතු හෝ හැකියාව සහිත ආයතන නොමැති බැවින්, ඒවායේ තත්වය ඉතා අයහපත් වන අතර නිසි මග පෙන්වීමක් සහිතව ඒවා සංවර්ධනය කිරීම සඳහා බලධාරීන්ගේ නිසි අවධානය යොමු විය යුතු වේ. එබඳු ස්ථාන වැඩි දියුණු කිරීම පිණිස ‘සංවර්ධන යෝජනා ක්‍රම’ ඇතුළත් සැලසුම් සකස් කිරීම සඳහා සහ එම සැලසුම් ක්‍රියාත්මක කිරිමට අදාළ පළාත් පාලන ආයතනවලට සහ අනෙකුත් ආයතනවලට සහාය වීම පිණිස අදාළ පනතේ 5අ (ඇ) වගන්තිය යටතේ දෙපාර්තමේන්තුව වෙත බලය පවරා තිබේ.
2000 අංක 49 දරන නගර හා ග්‍රාම නිර්මාණ (සංශෝධන) පනතේ 5අ (අ), (ආ) සහ (උ) වගන්ති මගින් ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය සම්පාදනය සහ ජාතික භෞතික සැලැස්ම සකස් කිරීම සඳහා දෙපාර්තමේන්තුවට බලය පැවැරී ඇති අතර සහ ඒවායේ අවශ්‍ය වෙනස්කම් සඳහා කාලානුරූපව සමාලෝචන සිදුකිරීම දෙපාර්තමේන්තුවේ මූලික කාර්යභාරයක් වේ.
2000 අංක 49 දරන නගර හා ග්‍රාම නිර්මාණ (සංශෝධන) පනතේ පොදු විධිවිධානවල පළමු කොටසේ 2 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව ‘ඉඩම් සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ සහ නියාමනය කිරීමේ, විධිමත් යටිතල පහසුකම් හා අවශ්‍යතා සුරක්ෂිත කිරීමේ, සහ ගෘහනිර්මාණමය, ඓතිහාසික හෝ සෞන්දර්යාත්මක වැදගත්කමින් යුතු ස්වභාවික හා ගොඩනගන ලද පරිසරය සහ ස්වභාවික විසිතුරු සංරක්ෂණය කිරීමේ පොදු පරමාර්ථය ඇතිව ගොඩනැගිලි ඇති හෝ නැති වුවද ඉඩම් සම්බන්ධයෙන් වූ ජාතික භෞතික නිර්මාණ ප්‍රතිපත්තියට අනුකූලව ආඥාපනත යටතේ ජාතික භෞතික සැලැස්මක් සකස් කරනු ලැබිය හැකිය.’
2000 අංක 49 දරන නගර හා ග්‍රාම නිර්මාණ (සංශෝධන) පනතේ පොදු විධිවිධානවල පළමු කොටසේ 2 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව (මෙහි මින් මතු “සභාව” යනුවෙන් සඳහන් කරනු ලබන) පහත දැක්වෙන පුද්ගලයන්ගෙන් සමන්විත ජාතික භෞතික සැලසුම් සභාවක් පිහිටුවනු ලැබිය යුතුය.
|
|