ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය සහ සැලැස්ම තුළින් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ඉලක්ක සපුරා ගැනීම අපේක්ෂා කෙරේ. දිගු කාලීන ඉලක්ක ලෙස හඳුනාගෙන ඇත්තේ මධ්‍යම ජල බෙත්ම ප්‍රදේශය තිරසරව පවත්වා ගැනීම, කාලගුණ විපර්යාසවල බලපෑමට ප්‍රතිචාර දැක්වීම, ස්වභාවික උපද්‍රව අවම කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම, තිරසර නාගරීකරණ ක්‍රියාදාමයකට පහසුකම් සැපයීම ආදිය වේ. ඉහත දිගු කාලීන ඉලක්ක සපුරා ගැනීම පිණිස ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය පර්යේෂණ හා පුළුල් අධ්‍යයන සිදු කරයි.

ඊට අමතරව, භෞතික සැලසුම්කරණය හා සම්බන්ධ විවිධ සංවිධානවල ප්‍රතිපත්ති සම්පාදකයන් සඳහා ප්‍රයෝජනවත් විය හැකි ජාතික සැලසුම් තොරතුරු පද්ධතියක් දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය යටතේ පවත්වා ගැනීම අපේක්ෂා කෙරේ.