• English
  • தமிழ்
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අප ගැන
    • හැඳින්වීම
    • ඉතිහාසය
    • සංවිධාන ව්‍යුහය
    • අපේ කණ්ඩායම
    • අමාත්‍යාංශය
  • බාගතකිරීම්
    • ප්‍රකාශන
    • නෛතික විධිවිධාන
    • සිතියම්
    • වෙනත් ලියකියවිලි
  • පුවත් සහ නිවේදන
  • ගැලරිය
    • වීඩියෝ ගැලරිය
    • පින්තූර ගැලරිය
  • දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති
  • Sitemap
  • විමසීම්
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • තොරතුරු

  • English
  • தமிழ்
  • මුල් පිටුව
  • අප ගැන
    • හැඳින්වීම
    • ඉතිහාසය
    • සංවිධාන ව්‍යුහය
    • අපේ කණ්ඩායම
    • අමාත්‍යාංශය
  • බාගතකිරීම්
    • ප්‍රකාශන
    • නෛතික විධිවිධාන
    • සිතියම්
    • වෙනත් ලියකියවිලි
  • පුවත් සහ නිවේදන
  • ගැලරිය
    • වීඩියෝ ගැලරිය
    • පින්තූර ගැලරිය
  • දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති
  • Sitemap
  • විමසීම්
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • තොරතුරු

දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති

ජාතික භෞතික නිර්මාණ ප්‍රතිපත්තිය සහ සැලසුම යාවත්කාලීන කිරිම

ජාතික භෞතික නිර්මාණ ප්‍රතිපත්තිය සහ සැලසුම යාවත්කාලීන කිරිම

ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හා සැලැස්ම යාවත්කාලීන කිරීමේ ක්‍රියාදාමයේ මේ වන විට අපි නිරතව සිටින්නෙමු. රටේ අවකාශීය ව්‍යුහයට බලපාමින් විවිධ අංශවල ඇතිව තිබෙන වෙනස්කම්, ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ගය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය, වසංගත තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාවය හේතුවෙන් සහ වත්මන්ම ජාතික භෞතික සැලැස්මට “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරුණු අන්තර්ගත කිරීම පිණිස ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව පැන නැගුණි.

ongoing programes 2050

කුඩා නගර සංවර්ධන වැඩසටහන

කුඩා නගර සංවර්ධන වැඩසටහන

නාගරික සංවර්ධන අධිකාරිය නීතිය යටතේ ප්‍රකාශයට පත් කර නොමැති රට පුරා විසිර ඇති සේවා මධ්‍යස්ථාන විස්සක් සඳහා ප්‍රාදේශීය භෞතික සැලසුම් සකස් කරනු පිණිස ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව “කුඩා නගර සංවර්ධන වැඩසටහන” දියත් කර තිබේ. මෙම සේවා මධ්‍යස්ථාන අතුරින් දෙකක් “ගම සමග පිළිසඳර” වැඩසටහන යටතේ හඳුනාගෙන ඇති අතර ඉතිරි මධ්‍යස්ථාන එක් එක් පළාතේ පළාත් පාලන දෙපාර්තමේන්තුවල අදාළ කොමසාරිස්වරුන් විසින් නිර්දේශ කර තිබේ.

මෙම වසරේ පළමු කාර්තුව තුළදී, සේවා මධ්‍යස්ථාන විස්ස සඳහාම සැලසුම් සකස් කිරීමේ මූලික කටයුතුවල දෙපාර්තමේන්තුව නිරත විය. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සියලු සැලසුම් සම්පූර්ණ කිරිම පිණිස නිර්මාණකයන් නියුක්ත කරවීමට දෙපාර්තමේන්තුවට නොහැකි විය. එබැවින් 2020 වසර තුළ පහත දැක්වෙන නගර සංවර්ධන සැලසුම් හත සකසා අවසන් කිරිමට තීරණය කරන ලදී.

“ගම සමග පිළිසඳර” වැඩසටහන යටතේ හඳුනාගෙන ඇති නාගරික මධ්‍යස්ථාන

  • පින්නවල (රත්නපුර දිස්ත්‍රික්කය)
  • රාස්සගල (රත්නපුර දිස්ත්‍රික්කය)

පළාතේ පළාත් පාලන දෙපාර්තමේන්තුවල අදාළ කොමසාරිස්වරුන් විසින් නිර්දේශ කරනු ලැබූ නාගරික මධ්‍යස්ථාන

  • පොල්පිතිගම (කුරුණෑගල දිස්ත්‍රික්කය)
  • අංකුඹුර (මහනුවර දිස්ත්‍රික්කය)
  • විල්ගමුව (මාතලේ දිස්ත්‍රික්කය)
  • තල්ගස්වල (ගාල්ල දිස්ත්‍රික්කය)
  • නාගොඩ (ගාල්ල දිස්ත්‍රික්කය)
  • ඇල්ලේවැව (පොලොන්නරුව දිස්ත්‍රික්කය)

පින්නවල නගර සංවර්ධන සැලැස්ම

1 2 3 4 5

පින්නවල නගර සංවර්ධන සැලැස්ම

6 7 8

ලෝලුගස්වැව නගර සංවර්ධන ව්‍යාපෘතිය

ලෝලුගස්වැව නගර සංවර්ධන ව්‍යාපෘතිය

අනුරාධපුර නගරය අනුරාධපුර පූජා භූමිය වටා සංවර්ධනය කර ඇති බැවින්, බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී පිළිවෙලක් නොමැති හා අවිධිමත් ක්‍රියාකාරකම් රැසක බලපෑමට එය ලක් විය. පූජා භූමිය ආරක්ෂා කිරීම පිණිස නිර්මාණකයන් විසින් අනුරාධපුර සංරක්ෂණ යෝජනා ක්‍රමය සකස් කරනු ලැබූ අතර එය 1961 අංක 32 දරන අනුරාධපුර සංරක්ෂණ මණ්ඩල පනත මගින් පවරනු ලැබූ බලතල යටතේ අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලදී.

පනත මගින් පවරනු ලැබූ බලතල හා කාර්යයන් නිසි පරිදි ඉටු කරනු නොලැබූ බැවින් අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලය 1973 වසරේදී විසුරුවා හරින ලදී. අනතුරුව, නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුව (වත්මනෙහි ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව) විසින් සකස් කරනු ලැබු අනුරාධපුර පූජා භූමි නිර්මාණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන ලදී.

අනුරාධපුර පූජා භූමි නිර්මාණ යෝජනා ක්‍රමය මගින් ඓතිහාසික අනුරාධපුර පූජා භූමියේ මධ්‍යයෙන් ජනතාව ඉවත් කිරීමේ වැදගත්කම හඳුනාගන්නා ලදී. එම භූමිය මහා විහාරයට [ශ්‍රී මහා බෝධිය, රුවන්වැලිසෑය, ලෝවාමහාපාය, ථූපාරාමය, ජේතවනාරාමය, අභයගිරිය, (ලංකාරාමය, කුට්ටම් පොකුණ සහ සමාධි ප්‍රතිමා වහන්සේ ඇතුළුව) දක්ඛිණ ථූපය, මිරිසවැටිය සහ ඓතිහාසික බළකොටුව] අයත් භූමියෙන් සමන්විත විය. එම ප්‍රදේශයේ පදිංචිව සිටි පවුල් ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් ස්ථාපනය කරනු ලැබූ දේවානම්පියතිස්සපුර I,II,III සහ IV යන නව ජනාවාසයන්හි නැවැත පදිංචි කරවීම මගින් එම භූමියෙන් වැඩි කොටසක් නිදහස් කරගැනීමට හැකි විය.

බළකොටුව තුළ (ඇතුල් නුවර) සිටි ඉතිරි පදිංචිකරුවන් ඇතුල් නුවර පුරාවිද්‍යාත්මක වටිනාකමට හානිදායක වූ බැවින් ඇතුල් නුවර වාසය කළ පවුල් ඉවත්කර එය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරිම මගින් බළ කොටුව තුළ පුරා විද්‍යා කැණීම් හා සංරක්ෂණය සඳහා පහසුකම් සැපයීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස හඳුනාගනු ලැබීය.

තවද, පුරාවිද්‍යා රක්ෂිතයක ජීවත් වූ බැවින් ඇතුල් නුවර වාසය කළ පවුල්වලට නාගරික පහසුකම් ලබාගැනීමේදී දැඩි සීමාවන්ට මුහුණ පෑමට සිදුවිය. එබැව්න් පුරාවිද්‍යාත්මක භූමීය සංරක්ෂණය සහ සංචාරක ආකර්ෂණය සහතික කිරිම පිණිස සියලු නාගරික පහසුකම්වලින් යුත් සහ එම ජනතාවගේ ජීවනෝපායන්ට අවම අවහිරතා සහිත නව නගරයක් පූජා භූමිය ආසන්නයේ සංවර්ධනය කිරිම මගින් ඇතුල් නුවර ජීවත්වූ පවුල් නැවැත පදිංචිකිරීම සඳහා ලෝලුගස්වැව නව නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ප්‍රාදේශීය සභා සීමාවන් තුළ නාගරික ප්‍රදේශ හඳුනා ගැනීම සහ සීමා නිර්ණය කිරීම

ප්‍රාදේශීය සභා සීමාවන් තුළ නාගරික ප්‍රදේශ හඳුනා ගැනීම සහ සීමා නිර්ණය කිරීම

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව 2021.12.13 කැබිනට් තීරණය අනුව අදාළ ආයතන සමඟ ප්‍රාදේශීය සභා සීමාවන් තුළ නාගරික ප්‍රදේශ හඳුනා ගැනීම සහ සීමා නිර්ණය කිරීම ට නිර්ණායක සකස් කරමින් සිටී.

විස්තර
ප්‍රවර්ගය: Uncategorised

විමසීම්

දුරකථන +94 11 207 7180
ලිපිනය 5 වන මහල,
සෙත්සිරිපාය, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.
විද්යුත් තැපෑල nppd@sltnet.lk
සමාජ මාධය

සබැඳි වෙබ් අඩවි

  • ජනාධිපති කාර්යාලය
  • අගමැති කාර්යාලය
  • ජනාධිපති ලේකම් කාර්යාලය
  • රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
  • Other Publications
කතුහිමිකම © 2023 National Physical Planning Department in Sri Lanka. හිමිකම් ඇවිරිනි
නිර්මාණය සහ සංවර්ධනය Procons Infotech
  • Last Modified: අඟහරුවාදා 21 මාර්තු 2023.