ලෝලුගස්වැව නගර සංවර්ධන ව්‍යාපෘතිය
අනුරාධපුර නගරය අනුරාධපුර පූජා භූමිය වටා සංවර්ධනය කර ඇති බැවින්, බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී පිළිවෙලක් නොමැති හා අවිධිමත් ක්‍රියාකාරකම් රැසක බලපෑමට එය ලක් විය. පූජා භූමිය ආරක්ෂා කිරීම පිණිස නිර්මාණකයන් විසින් අනුරාධපුර සංරක්ෂණ යෝජනා ක්‍රමය සකස් කරනු ලැබූ අතර එය 1961 අංක 32 දරන අනුරාධපුර සංරක්ෂණ මණ්ඩල පනත මගින් පවරනු ලැබූ බලතල යටතේ අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලදී.
පනත මගින් පවරනු ලැබූ බලතල හා කාර්යයන් නිසි පරිදි ඉටු කරනු නොලැබූ බැවින් අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලය 1973 වසරේදී විසුරුවා හරින ලදී. අනතුරුව, නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුව (වත්මනෙහි ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව) විසින් සකස් කරනු ලැබු අනුරාධපුර පූජා භූමි නිර්මාණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන ලදී.
අනුරාධපුර පූජා භූමි නිර්මාණ යෝජනා ක්‍රමය මගින් ඓතිහාසික අනුරාධපුර පූජා භූමියේ මධ්‍යයෙන් ජනතාව ඉවත් කිරීමේ වැදගත්කම හඳුනාගන්නා ලදී. එම භූමිය මහා විහාරයට [ශ්‍රී මහා බෝධිය, රුවන්වැලිසෑය, ලෝවාමහාපාය, ථූපාරාමය, ජේතවනාරාමය, අභයගිරිය, (ලංකාරාමය, කුට්ටම් පොකුණ සහ සමාධි ප්‍රතිමා වහන්සේ ඇතුළුව) දක්ඛිණ ථූපය, මිරිසවැටිය සහ ඓතිහාසික බළකොටුව] අයත් භූමියෙන් සමන්විත විය. එම ප්‍රදේශයේ පදිංචිව සිටි පවුල් ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් ස්ථාපනය කරනු ලැබූ දේවානම්පියතිස්සපුර I,II,III සහ IV යන නව ජනාවාසයන්හි නැවැත පදිංචි කරවීම මගින් එම භූමියෙන් වැඩි කොටසක් නිදහස් කරගැනීමට හැකි විය.
බළකොටුව තුළ (ඇතුල් නුවර) සිටි ඉතිරි පදිංචිකරුවන් ඇතුල් නුවර පුරාවිද්‍යාත්මක වටිනාකමට හානිදායක වූ බැවින් ඇතුල් නුවර වාසය කළ පවුල් ඉවත්කර එය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරිම මගින් බළ කොටුව තුළ පුරා විද්‍යා කැණීම් හා සංරක්ෂණය සඳහා පහසුකම් සැපයීම ප්රමුඛ අවශ්‍යතාවයක් ලෙස හඳුනාගනු ලැබීය.
තවද, පුරාවිද්‍යා රක්ෂිතයක ජීවත් වූ බැවින් ඇතුල් නුවර වාසය කළ පවුල්වලට නාගරික පහසුකම් ලබාගැනීමේදී දැඩි සීමාවන්ට මුහුණ පෑමට සිදුවිය. එබැව්න් පුරාවිද්‍යාත්මක භූමීය සංරක්ෂණය සහ සංචාරක ආකර්ෂණය සහතික කිරිම පිණිස සියලු නාගරික පහසුකම්වලින් යුත් සහ එම ජනතාවගේ ජීවනෝපායන්ට අවම අවහිරතා සහිත නව නගරයක් පූජා භූමිය ආසන්නයේ සංවර්ධනය කිරිම මගින් ඇතුල් නුවර ජීවත්වූ පවුල් නැවැත පදිංචිකිරීම සඳහා ලෝලුගස්වැව නව නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.